සියලු සතුන් ලොව සුවපත් වෙත්වා!
Image of Rev. Nawalapitiye Ariyawansha Thero

Caring for Parents and Close Ones: The Buddhist Way by
Rev. Nawalapitiye Ariyawansha Thero

දෙමාපිය උපස්ථානය ප්‍රමුඛ
ඥාති සංග්‍රහය

පුබ්බාචාරීන් වන දෙමව්පියන්ට, ඥාතීන්ට, වැඩිහිටියන්ට සංග්‍රහ කිරීම පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයන් හා ඒ හා සමාන දහම් කරුණු ඇසුරින් පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ විසින් සිදුකළ සදහම් අවවාද...

– පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

මෙම පිටුව පරිහරණය කිරීම පිණිස මඟපෙන්වීමක් ...

1. ධර්ම දේශනාවේ නම තිබෙන කොටුව ඇතුලත Click/Touch කරන්න.

2. දැන් ඔබට පෙනෙන සුදු ඊතලයක් සහිත රතු පැහැති රවුම මත Click/Touch කිරීමෙන් දේශනාව ශ්‍රවණය කළ හැක.

3. DOWNLOAD MP3 යන වචනය මත Click/Touch කිරීමෙන් දේශනාව download කිරීමට යොමුවෙන්න පුළුවන්.

දිවි තිබෙන තාක් දෙමව්පියන් උදෙසා ආමිසයෙන් කොතෙකුත් සත්කාර කළත් ඔවුන් කෙරෙහි කෘතගුණ දක්වා අවසන් කළ නොහැකියි. නමුත් තමනුත් ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, චාග, ප්‍රඥා කියන ගුණධර්මයන් ඇති කරගෙන, දෙමව්පියනුත් මේ ගුණධර්ම කෙරෙහි සමාදන් කරවන්ට දක්ෂ කෙනා, මව්පියන්ට ණය නැති, මෙලොව පරලොව දිනූ කෙනෙක් වෙනවා. අපගේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගේ මෑණියන් කළුරිය කොට තුන් මාසයේ දානයෙන් පසු සිදුකළ මේ ධර්මානුශාසනාව ඔබත් ශ්‍රවණය කරන්න…!

DOWNLOAD MP3 (59 MB)

YOUTUBE VIDEO

“මහණෙනි, පස් ආකාරයක වෘද්ධීන් වඩන ආර්ය ශ්‍රාවකයා ආර්ය වූ වෘද්ධියෙන් වැඩෙනවා. ඒ වගේම ඔවුන් මේ කයෙහි / ජීවිතයෙහි සාරයත්, උත්තම වූ අර්ථයත් ලැබූ අය බවට පත්වෙනවා…”
මීට තෙමසකට පෙර කළුරිය කළ, අපගේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගේ මෑණියන් ගත කළ ජීවිතය තුල, පස් ආකාරයක වෘද්ධීන්ගෙන් යුත් සාරවත් ජීවිතය ආදර්ශයට ගෙන, එම ධර්මයන් අපගේ ජීවිතය තුලත් උපදවා වැඩීම පිණිස උනන්දු කරවන මේ ධර්මානුශාසනාව ඔබත් ශ්‍රවණය කරන්න…!

DOWNLOAD MP3 (72 MB)

YOUTUBE VIDEO

“මහණෙනි, සතර දෙනෙක් කෙරෙහි ඉතා යහපත්ව පිළිපදින්නා වූ සත්පුරුෂ වූ ධර්මයෙහි දක්ෂ පණ්ඩිතයා තමාගේ ගුණ නසා නොගෙන, සාරා නොගෙන, උදුරවා නොගෙන ජීවිතය පරිහරණය කරයි. ඔහු දොස් සහිත ස්වභාවයෙන් යුක්ත නොවෙයි. නුවණැත්තන්ගේ දෝෂ දර්ශනයට ලක් නොවෙයි. බොහෝ පින් ද රැස් කරගනියි”

මව, පියා, තථාගතයන් වහන්සේ සහ තථාගත ශ්‍රාවකයන් කෙරෙහි මනාව පිළිපැදීමේ උතුම් ගුණ ඇති කරගෙන ධර්මය තුල නිවැරදිව පිහිටීම පිණිස මඟ කියාදෙන මේ ධර්මානුශාසනාව ඔබත් ශ්‍රවණය කරන්න…!

DOWNLOAD MP3 (66 MB)

YOUTUBE VIDEO

මේ දුෂ්කර ලෝකයේ සැනසීම, ආරක්ෂාව ලබාගන්ට නම් ධර්මයේ හැසිරිය යුතු ම යි. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මය තුළින් මෙලොව පරලොව දෙකෙහිම සුවපහසු ජීවිතයක් ගත කිරීමට මඟ පෙන්වන, දුශ්චරිතයෙන් වැළකී සුචරිතයේ පිහිටා සිටීමෙන් තමා හා අන් අය සුරක්ෂිත කරගැනීමට මඟ කියන, දෙමාපියන් හා දරුවන් අතර සැබෑ ආදරය, මෛත්‍රිය, කරුණාව ඇතිව, නොපිරිහෙන විමුක්තිය පිණිස නිවන් මඟ ම වැඩිය යුතු බව අවධාරණය කරන මේ ධර්මානුශාසනාව ඔබත් ශ්‍රවණය කරන්න…!

DOWNLOAD MP3 (44 MB)

YOUTUBE VIDEO

නොබෝ දිනකදී කළුරිය කළ අපගේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගේ මෑණියන්ගේ ආදර්ශවත් ජීවන ගමන් මග ඔස්සේ අප්‍රමාදී බවෙහි වැදගත්කම, ජීවිතයේ අභියෝග හමුවේ නොසැලී සිටීම, සහ ධර්මානුකූලව ජීවත් වීමෙන් ලැබෙන මහත් වූ ප්‍රතිලාභ ගැන කියාදෙන, ශ්‍රද්ධාව, ප්‍රඥාව, අනිත්‍යය දැකීම ආදී ධර්මයන් ජීවිතයට පමුණුවාගැනීම ගැන කියාදෙන, මෙහෙණින් වහන්සේලාට සිදුකළ මේ ධර්මානුශාසනාව ඔබත් ශ්‍රවණය කරන්න…!

DOWNLOAD MP3 (60 MB)

YOUTUBE VIDEO

භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දහම් කැඩපත ඔස්සේ ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, පඥා යන ධර්මයන් තුලින් තමාගේ මෙලොව පරලොව ජීවිතය ගැන විමසා බැලීම ගැන කියාදෙන, කළුරිය කළ මෑණියන්ගේ ජීවිතය තුලින්, එතුමියට කළ උපස්ථාන තුලින් අපිත් ආදර්ශ ලබාගනිමින්, ඒ වගේම භික්ෂූන් වහන්සේලා රැකගැනීම පිණිස ගිහි අයත් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු විදිය ගැනත් අවවාද සපයන මේ කෙටි අනුශාසනාව ඔබත් ශ්‍රවණය කරන්න…!

DOWNLOAD MP3 (28 MB)

YOUTUBE VIDEO

ලෝකවිජය සූත්‍ර සහ මනාපකායික සූත්‍ර වල දහම් කරුණු ඇසුරෙන් මෙලොව හා පරලොව ජයගැනීමට කාන්තාවක් (සහ සියලුම දෙනා) අනුගමනය කළ යුතු ධර්මානුකූල ජීවිතය, අපගේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගේ මෑණියන්ගේ ජීවිතය පරමාදර්ශයක් ලෙස ගෙන හැර දක්වමින් කියාදෙන, ධර්මයේ ජීවමාන බව ඉස්මතු කෙරෙන මේ ධර්මානුශාසනාව ඔබත් ශ්‍රවණය කරන්න…!

DOWNLOAD MP3 (71 MB)

YOUTUBE VIDEO