සියලු සතුන් ලොව සුවපත් වෙත්වා!

Dhamma Books by
Rev. Nawalapitiye Ariyawansha Thero

සදහම් ග්‍රන්ථ

පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ විසින් රචිත සදහම් ග්‍රන්ථ එකතුව

සීලානුස්සති භාවනාව

සීලය සම්පූර්ණ කරගැනීම පිණිස උපකාර සලසන සදහම් ග්‍රන්ථය

පිටු 140 | ධර්ම දානය පිණිස යි.

“භාවනා කිරීමට බොහෝ දෙනා කැමතියි. නමුත් එය ඉතා දුෂ්කර දෙයක් විදියට යි ඇතැමුන් දකින්නේ. යමෙකුට භාවනා කිරීම දුෂ්කර වෙන්නේ, ඒ සඳහා සිත සකස්වෙලා නැති නිසයි. භාවනාව හොඳින් පිහිටා වැඩීමට ඉතාම සුදුසු විදියට සිත සකස් වෙන්නේ සීලය සම්පූර්ණ වීමෙන්. සීලය සම්පූර්ණ වන විට නීවරණ වලට ආහාර නොලැබෙන නිසා පහසුවෙන් ම භාවනාව සාර්ථක වෙනවා. සීලය නොපිරී තිබෙද්දී නීවරණ පෝෂණය වන නිසා භාවනා කිරීම දුෂ්කර යි.

සීලය මහපොළොව වගේ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මහා විශාල ගොඩනැගිලි, විශාල ගස් ආදිය මහපොළොව මත පිහිටා මහපොළොව ඇසුරු කරගෙන පවතින්නා සේ නිවන අවබෝධයට වුවමනා සෑම ධර්මයක් ම සීලය මත පිහිටා සීලය ඇසුරු කරගෙන වැඩෙනවා. මේ විදියට තමා තුල සම්පූර්ණ වූ සීලය මුල් කරගෙන සිත වඩන භාවනාව ‘සීලානුස්සති භාවනාව’ විදියට යි භාග්‍යවතුන් වහන්සේ හඳුන්වා දී තිබෙන්නේ. සීලය සම්පූර්ණ කරගන්නා ආකාරයත්, සීලානුස්සති භාවනාව වඩන ආකාරයත්, ඒ ඇසුරු කරගෙන නිවන පිණිස වන පිරිසිදු බඹසර ජීවිතය සාර්ථක කරගන්නා ආකාරයත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි මේ පොතෙහි විස්තර කරනවා.”

Sitha Wadana Bhawana

සිත වඩන භාවනා

සමථ විදර්ශනා වඩමින් ධර්මය ජීවිතය තුලට පමුණුවා ගැනීම පිණිස උපකාර වන සදහම් ග්‍රන්ථය.

Sapa sadana sith pubudu kerewa - Mockup

සැප සදනා සිත් පුබුදු කෙරේවා...!

භාග්‍යවතුන් වහන්සේ වදාළ නොයෙකුත් ධර්ම කරුණු ඔස්සේ සැකසුනු සදහම් ලිපි එකතුවකි.

තෙරුවන් වන්දනාව

සැදැහැ සිතින් ශාස්තෘන් වහන්සේට වන්දනා කිරීම පිණිස උපකාර සලසන ග්‍රන්ථය (පිරිත් දේශනා සහිතයි)

Jara Marana Duken Midemu Book Cover

ජරා-මරණ දුකෙන් මිදෙමු

ජරා-මරණ අභියස ශෝක නොකර, කම්පා නොවී, බිය රහිතව වාසය කිරීම පිණිස