සියලු සතුන් ලොව සුවපත් වෙත්වා!
Image of Rev. Nawalapitiye Ariyawansha Thero

Miscellaneous Dhamma sermons by
Rev. Nawalapitiye Ariyawansha Thero

සදහම් අනුශාසනා

අපේ ජීවිතය පෝෂණය කරන්න, දියුණු කරන්න එක එල්ලේ ම උදව්වන දේවල් තමයි අවවාද අනුශාසනා කියලා කියන්නේ. ඒ අවවාද අනුශාසනා වලින් තොරව අපේ ජීවිතේ යහපත් පැත්තට දියුණ කරගන්ට අපිට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ජීවිතේ අයහපත් පැත්තට යන්ට අවවාද ඕන වෙන්නේ නෑ. ඒ නිසා අපි අපි ගැනම කල්පනා කරලා අපේ ජීවිතය දියුණු කරගැනීම පිණිස ලැබෙන අවවාද තමන්ගේ ජීවිතයට ගලපාගන්න තමන් තුල ලොකූ කැමැත්තක් උපදවාගන්ට ඕනැ.

– පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

මෙම පිටුව පරිහරණය කිරීම පිණිස මඟපෙන්වීමක් ...

1. ධර්ම දේශනාවේ නම තිබෙන කොටුව ඇතුලත Click/Touch කරන්න.

2. දැන් ඔබට පෙනෙන සුදු ඊතලයක් සහිත රතු පැහැති රවුම මත Click/Touch කිරීමෙන් දේශනාව ශ්‍රවණය කළ හැක.

3. DOWNLOAD MP3 යන වචනය මත Click/Touch කිරීමෙන් දේශනාව download කිරීමට යොමුවෙන්න පුළුවන්.

සමාධි පරිෂ්කාරක හතකින් යුතු වූ සම්මා සමාධිය–නිවන් මඟ විදියට යි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ. පැවිදි හෝ වේවා, ගිහි හෝ වේවා, පරිපූර්ණ පිරිසිදු සිතක් ඇති කරගැනීමට කැමති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ අප වැඩිය යුතු මේ ධර්මයන් ගැන ඔබත් ඉගෙනගන්න…!

DOWNLOAD MP3 (40 MB)

YOUTUBE VIDEO

අරහං සම්මා සම්බුද්ධ වූ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි පිහිටි නොසැලෙන ශ්‍රද්ධාවේ සැබෑ ස්වරූපය තමා තුළ ඇති නැති බව දැනගෙන, ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, චාග, ප්‍රඥා යන සේඛ බලයන් වඩමින්, සතර අපායෙන් නිදහස් වූ ජීවිතය උපදවා ගැනීම පිණිස මඟ කියන මේ ධර්ම දේශනාව ඔබත් ශ්‍රවණය කරන්න…!

DOWNLOAD MP3 (70 MB)

YOUTUBE VIDEO

ගිහි ජීවිතයේ සුව සොම්නස පිණිස භාග්‍යවතුන් වහන්සේ පණවා වදාළ අත්ථි සුඛ, භෝග සුඛ, අනණ සුඛ, අනවජ්ජ සුඛ යන සතර ආකාර සුවයන් ඇති කරගනිමින්, ඉන් නොනැවතී පැවිදි බවට පත්වෙන ශ්‍රාවකයාගේ සුව සොම්නස පිණිස වන නෙක්ඛම්ම සුඛ, පවිවේක සුඛ, උපසම සුඛ, සම්බෝධ සුඛ යන සතර ආකාර සුවයන් ඇති කරගනිමින්, මහත් වූ සැපයට පත්වෙන ආර්ය ශ්‍රාවකත්වය ගැන කියාදෙන මේ උතුම් දහම් අනුශාසනාව ශ්‍රවණය කරන්න…!

DOWNLOAD MP3 (61 MB)

YOUTUBE VIDEO

බුදුරජාණන් වහන්සේගේ නමකගේ ධර්මය ශ්‍රවණය කරන්ට තරම් දුර්ලභ අවස්ථාවක් ලැබුන කෙනා විසින් සක්කාය දිට්ඨිය, සීලබ්බත පරාමාස සහ විචිකිච්ඡාව ප්‍රහාණය කරගනිමින්, නිරයගාමී රාග ද්වේෂ මෝහයන් දුරු කරමින්, අධිසීල, අධිචිත්ත, අධිපඥා වඩමින් දිට්ඨි සම්පත්තිය ඇති කරගැනීම ගැන කියාදෙන මේ ධර්මානුශාසනාව ඔබත් ශ්‍රවණය කරන්න…!

DOWNLOAD MP3 (65 MB)

YOUTUBE VIDEO

දුකින් නිදහස් වීමේ මාර්ගය සොයන අපට, බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් උතුම් ධර්මය තුළින් ජීවිතය දෙස බලමින් දුක හඳුනාගෙන, දුකේ හේතුව තේරුම් අරගෙන, දුකින් නිදහස් වෙන්න පුළුවන් බව දැනගෙන, ඒ සඳහා යන මාර්ගය පුරුදු කරගැනීම පිණිස ශ්‍රද්ධාව ඇති කරගෙන, සීලයෙන් යුක්තව ජීවත් වෙමින්, ධර්මය ශ්‍රවණය කරමින්, සිත පිරිසිදු කරගන්නා මඟ ගැන ඉගෙනගන්න මේ ධර්මානුශාසනාව ඔබත් ශ්‍රවණය කරන්න…!

DOWNLOAD MP3 (55 MB)

YOUTUBE VIDEO

60. විමුක්තිය පිණිස මඟ වඩන විදිය (2024-01-16) (76 min)

59. මෙලොව පරලොව දුකින් මුදවන සතිපට්ඨානය වඩමු (2024-01-04) (47 min)

58. ධර්මය තුල ප්‍රණීත ප්‍රාර්ථනා (2024-01-03) (49 min)

57. එදිනෙදා කටයුතු කරමින් ම ධර්මයේ හැසිරෙමු (2024-01-02) (56 min)

56. ස්වල්ප සැපක්, දුක් ගොඩක් ඇති ජීවිතයෙන් නිදහස් වෙමු (2023-12-24) (59 min)

55. දානයෙන් පමණක් සෑහීමට පත්වෙන්න එපා (2023-08-13) (48 min)

54. සමාජ වගකීම් දරන ඔබ ඇසිය යුතු ධර්මයක්… (2023-05-27) (51 min)

53. ඡළංගදාන සූත්‍රය ඇසුරින් භික්ෂූන් වහන්සේලාට සිදුකළ අනුශාසනාව (2023-05-10) (53 min)

52. වරදින් නිදහස් වෙමු (2023-05-06) (60 min)

51. බුද්ධ වචනය පිළිගෙන සැබෑ ශ්‍රාවකත්වයට පැමිණෙමු (2023-05-03) (30 min)

50. දුතිය ඕවාද සූත්‍රය (2023-04-19) (55 min)

49. තිණකට්ඨ සූත්‍රය (2023-04-18) (37 min)

48. සාර්ථක අවසානයක් පිණිස සාර්ථක ආරම්භයකට පැමිණෙමු (2023-03-20) (47 min)

47. ලෝකානුකම්පාවෙන් ශාසන පිළිවෙත් සම්පූර්ණ කරමු (2023-03-13) (53 min)

46. වීතරාගී වීතදෝසී වීතමෝහී බුදුරජාණන් වහන්සේ සරණ යමු (2023-03-12) (36 min)

45. විමසා දැනගෙන පැහැදිය යුතු තැන පහදිමු (2023-03-11) (46 min)

44. ලොවට පහළ වූ මහත් වූ ඇස බුදුරජාණන් වහන්සේ යි. (2023-03-11) (32 min)

43. පිරිසිදු ශ්‍රද්ධාවට පැමිණෙමු – 2 (2023-03-08) (50 min)

42. පිරිසිදු ශ්‍රද්ධාවට පැමිණෙමු (2023-03-07) (56 min)

ඕස්ට්‍රේලියාවේදී සිදුකළ අනුශාසනා - 2017

ඕස්ට්‍රේලියාවේදී සිදුකළ අනුශාසනා - 2018