dhamma articles published on newspapers
by ven. nawalapitiye ariyawansha thero
DAMSAYURA.LK

සදහම් ලිපි

පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේගේ දේශනා ඇසුරින් සකස් කළ සදහම් ලිපි මෙම පිටුවේ ඇතුළත් වේ.

පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

ආර්ය සත්‍යය සිහි කරමු

පාපී අකුසල සිතුවිලි හිත හිත ඉඳීම අර්ථ සහිත නෑ. පිරිසිදු ජීවිතයක් උපදවන්ට උදව් වෙන්නේ නෑ. නිබ්බිදාව ඇති කරවන්නේ නෑ. රාගය සංසිඳුවන්නේ නෑ. ඇල්ම දුරු වෙන්නේ නෑ. ඇල්ම නිරුද්ධ වෙන්නේ නෑ. සිත සංසිඳෙන්නේ නෑ. විශේෂ ඤාණය උපදවන්නේ නෑ. ආර්ය සත්‍ය අවබෝධය ඇති කරවන්නේ නෑ. නිවන අවබෝධ කරන්ට උදව් වෙන්නේ නෑ.

සම්පූර්ණයෙන් කියවන්න »

ධර්මයෙන් ලබන මහත් වූ සැපයට කැමති වෙන්න

ධර්මයෙන් බැහැර පුරුදු කරන වෙනත් ඕනෑම දේකින් පරිපූර්ණ සැපක් ලබන්ට බෑ. ඒ සැප ඉතාම සුළු, නොවටිනා දෙයක්. නොවටින්ට හේතුව තමයි, ඒ සැප දුකින් අවසන් වෙනවා. ධර්මයෙන් බැහැර, කරන කියන දේ තුලින් අපි සැප සම්පත් හොයාගෙන යද්දී, නොයෙකුත් අවුල්, වියවුල්, ප‍්‍රශ්න, අර්බුද, චිත්ත පීඩා වලට බහුල වශයෙන් ගොදුරු වෙන්ට සිද්ධ වෙනවා. ඒවායින් බේරෙන්ට බෑ.

සම්පූර්ණයෙන් කියවන්න »

තෙරුවන් කෙරෙහි අචලප‍්‍රසාදයට පත්වෙමු

අසත්‍ය දේ බිඳවැටෙනවා. සත්‍යය බිඳවැටෙන්නේ නෑ. ඒ නිසා ඔබ මේ ලෝකයේ පරම සත්‍යය වන චතුරාර්ය සත්‍යයට පහදින්න. ඒ ධර්මය ප‍්‍රකාශ කල විවෘත කළ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට පහදින්න. එතකොට ඔබ ජව සම්පන්න කෙනෙක්. ඔබ ජීවමාන කෙනෙක්. ඔබ තුල උපන් ජවයක් තිබෙනවා. ඔබ බල සම්පන්න කෙනෙක්.

සම්පූර්ණයෙන් කියවන්න »

දෛනික කටයුතු කරමින් ම අකුසල විතර්ක බැහැර කරමු

සේඛ බල පුරුදු කරන කෙනා සිතට අකුසලයක් ආවා ම, අකුසලයට ඉඩ දෙන්නේ නෑ. ‘මම භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකයෙක්. තෙරුවන් සරණ ගිය කෙනෙක්. මං වගේ කෙනෙකුට මේ හීන දේ සුදුසු නෑ’ කියලා ලැජ්ජාව උපදවා ගන්නවා. විපාකයට භය උපදවා ගන්නවා.

සම්පූර්ණයෙන් කියවන්න »

ධර්මාවබෝධයට පමා නොවෙමු

යමෙක් ඉතාම සතුටින් සොම්නසින් වාසය කරනවා නම්, අඬන්නේ වැළපෙන්නේ නැතිව වාසය කරනවා නම්, භය ශෝකය බැහැර කරලා නිර්භයව වාසය කරනවා නම්, සැක සංකා බැහැර කරලා නිසැකව වාසය කරනවා නම්, ඒ ආර්ය සත්‍යය අවබෝධ කළ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක පිරිසයි.

සම්පූර්ණයෙන් කියවන්න »

ප‍්‍රමාද නොවී ශ්‍රේෂ්ඨ වූ නිරාමිස සැපයට පැමිණෙමු

භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ දුර්ලභ ලාභයන් වන, බුදුරජාණන් වහන්සේගේ පහළ වීම, ශ‍්‍රී සද්ධර්මයේ පහළ වීම, ආර්ය මහා සංඝරත්නයේ පහළ වීම, මිනිස් ජීවිතය ලැබීම, පැවිදි ජීවිතය ලැබීම ආදී කරුණු වල දුර්ලභ බව, ශ්‍රේෂ්ඨ බව තේරුම් ගන්න.

සම්පූර්ණයෙන් කියවන්න »

සීලය පරිපූර්ණ කරගනිමු

සීලය හොඳින් රකින කෙනාට පසුතැවෙන ස්වභාවය නැති වෙනවා. “මම දුෂ්චරිතය අතහැරියා. සුචරිතය පුරුදු කළා” කියලා සතුටු වෙන්ට පුළුවන් කම තියෙනවා. එලෙස පසුතැවෙන්නේ නැති කෙනාට සාර්ථකව භාවනා කරන්ට පුළුවන්.

සම්පූර්ණයෙන් කියවන්න »

ලැබුණු සුගති සම්පත් පිරිහෙන්ට දෙන්ට එපා

භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ, “මැරෙන අයගෙන් නියපොත්තට ගත් පස් ටික වගේ ටික දෙනයි සුගතියකට එන්නේ. මහ පොළොවේ පස් වගේ ඉතා ම විශාල පිරිසක් දුගතියේ ඉපදෙනවා” කියලයි. එහෙනම් අපට ලැබිලා තියෙන තාවකාලික ආරක්ෂාව සුළුපටු නෑ. අසාමාන්‍ය විදියටයි අපි බේරිලා තියෙන්නේ.

සම්පූර්ණයෙන් කියවන්න »

ලෝකයට උපකාර සහිත කෙනෙක් වෙමු

අපි භාග්‍යවතුන් වහන්සේගෙන් යම් දෙයක් ලැබුනා නම්, ඒක නසන්නේ නැතිව අන් අයටත් ලැබෙන විදියට අපේ ජීවිතේ හැඩ ගහගන්ට ඕන. පවට ලැජ්ජාව නැති කමත්, පවට භය නැති කමත් අපේ ජීවිතෙන් බැහැර කරගත්තොත් අපි අපිටත් යහපත කරගන්නවා. අන් අයටත් යහපත කරලා දෙන්ට පුළුවන්කම තියෙනවා.

සම්පූර්ණයෙන් කියවන්න »

අප‍්‍රමාදීව සතර අපායෙන් නිදහස් වෙමු

සිත පාලනය කරගන්ට තියෙන්නේ උපක‍්‍රමයෙන්. යමෙක් ‘තමන්ගේ ජීවිතය තාවකාලිකයි’ කියලා තේරුම් ගත්තොත් ඔහුට සිත පාලනය කරගන්ට පුළුවන්. පුංචි කාලයකට මිනිස් ලෝකයට ආපු අපි අතින්, පොඩි ආශ්වාදයකට යටවෙලා නරක දේ කෙරුණොත් විශාල කාලයක් දුක් විඳින්ට වෙනවා.

සම්පූර්ණයෙන් කියවන්න »

සතර අපායෙන් නිදහස් කරවන තියුණු කැමැත්ත

සතර අපාය ගැන හොඳින් තේරෙනවා නම්, ඒ කෙනාගේ ස්වභාවය මොකක්ද? සතර අපායෙන් නිදහස් වීම පිණිස තියුණු කැමැත්තක්, අත්නොහරින වීර්යයක්, ඒ ලෝක වලින් නිදහස් වෙන තාක් අත්නොහරින වීර්යයක් එයා තුල තිබිය යුතුයි.

සම්පූර්ණයෙන් කියවන්න »

ගිනි නිවා සිසිල් වෙමු

රාගය ගින්නක් කියලා තේරෙන්නේ නැති කෙනා, රාගය සැපක් කියලා හිතනවා. ද්වේෂය ගින්නක් කියලා තේරෙන්නේ නැති කෙනා, ද්වේෂය සැපක් කියලා හිතනවා. මෝහය ගින්නක් කියලා තේරෙන්නේ නැති කෙනා, මෝහය සැපක් කියලා හිතනවා. ඒ නිසා හොඳට බලන්න තමන් මේ කෙළෙස් නිසා මොන තරම් දුක් වින්ඳා ද කියලා.

සම්පූර්ණයෙන් කියවන්න »

අපි ප්‍රත්‍යවේක්ෂා කරමු (ලිපි මාලාව)

01. විමුක්ති සිත ප‍්‍රත්‍යවේක්‍ෂා කරමු

ප‍්‍රත්‍යවේක්ෂා කිරීම කියන දේ කරන්ට දන්නේ නැත්නම්, ඒ දේ තේරෙන්නේ නැත්නම්, කරගන්ට බැරි නම්, භාවනාවකින් සාර්ථක ප‍්‍රතිඵලයක් ලබාගන්ට බෑ. ධර්මය ඉගෙන ගෙන එයින් ප‍්‍රතිඵලයක් ලබා ගන්ටත් බෑ. පිනක් දහමක් කරලා එයින් සාර්ථක ප‍්‍රතිඵලයක් ලබා ගන්ටත් බෑ. සාමාන්‍ය එදිනෙදා කටයුක්තකින් හොඳ ප‍්‍රතිඵලයක් ලබා ගන්ටත් බෑ.

සම්පූර්ණයෙන් කියවන්න »

02. නොපිරිහෙන කෙනෙක් වෙන්ට නම්

එයා හිතනවා ‘මම සීලයට ආවා. නමුත් මට මුකුත් ප‍්‍රතිඵලයක් නෑනේ’ කියලා. ‘මට පින් නෑනේ’ කියනවා. එයා සසඳලා බලන්නේ නෑ ‘දුස්සීල බව නිසා ලැබෙන දුක් සහිත විපාක මට දැන් නෑනේ’ කියලා. ‘සිල්වත් බවේ ආනිශංස මට ලැබෙනවා’ කියලා සසඳලා බලන්නේ නෑ.

සම්පූර්ණයෙන් කියවන්න »

03. ප‍්‍රත්‍යවේක්ෂාව තුලින් දියුණු වන දහම් මග

ප‍්‍රත්‍යවේක්ෂා කරන්ට දන්න කෙනාට, ඒ සඳහා දක්ෂ කෙනාට සෝතාපත්ති අංග ජීවිතයට බද්ධ කරගන්ට වාසනාවක් ඉපදෙනවා. ඒ තමයි, කළ්‍යාණ මිත‍්‍ර ඇසුර, සද්ධර්ම ශ‍්‍රවණය, යෝනිසෝමනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව. ඒවා ජීවිතයට සමීප වීම තමයි ප‍්‍රත්‍යවේක්ෂා කරන්ට දක්ෂ කෙනාට ලැබෙන ලොකුම ලාභය.

සම්පූර්ණයෙන් කියවන්න »

04. සිත දැකීමට දක්ෂ වෙමු

භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා, ”මහණෙනි, ඔබට අනුන්ගේ සිත දැකීමේ හැකියාව නැත්තම්, ඔබ තමන්ගේ සිත දැකීමේ කුසලතාවය උපදවාගන්න” කියලා. යම් කෙනෙකුට අනුන්ගේ හිත දැකීමේ කුසලතාවය තියෙනවා නම්, එයාට තමන්ගේ සිත දැකීම අපහසු වෙන්නේ නෑ.

සම්පූර්ණයෙන් කියවන්න »

05. තවදුරටත් ප‍්‍රත්‍යවේක්ෂා කිරීම ඉගෙන ගනිමු

යම් භික්ෂුවක් ශ‍්‍රද්ධාව, සීලය, ශ‍්‍රැතය, ත්‍යාගය, ප‍්‍රඥාව, පටිභාන කියන මේ කුසල ධර්මයන් පුරුදු කරනවා. ඒවා පිරිහෙන්නේ නෑ. එක මට්ටමේ රැඳිලා තියෙන්නෙත් නෑ. ඒ ස්වභාවයට කියනවා ‘කුසල ධර්මයන් වල අභිවෘද්ධියක්’, වැඩි දියුණු වීමක්, වර්ධනයක්” කියලා. භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කරන්නේ එය යි.

සම්පූර්ණයෙන් කියවන්න »

06. අකුසල් දුරු කරගන්ට කැමති වෙමු

සිහිය උපදවා ගන්ට බැරිව යන වෙලාවක් එනවා. එයාට තෝරා බේරා ගන්ට බැරිව යන අවස්ථාවන් එනවා. එයාගේ දහම් දැනුම ප‍්‍රමාණවත් නොවෙන කලක් එනවා. එතකොට එයාට උපකාරය පිණිස සිටින්නේ කල්‍යාණ මිත‍්‍රයා පමණයි. කල්‍යාණ මිත‍්‍ර ඇසුර බහුල වශයෙන් තිබිය යුතු ම යි. එහෙනම් මේ ප‍්‍රත්‍යවේක්ෂා කිරීම් අපි නිතර ම කළ යුත්තේ කල්‍යාණ මිත‍්‍ර ඇසුරේ සිටිමින් ම යි.

සම්පූර්ණයෙන් කියවන්න »

07. සමථ – විදර්ශනා තේරුම් ගනිමු

භාවනා කරන කෙනෙක් මුල සිට ම සමථයත් විදර්ශනාවත් දෙක ම පුරුදු කළ යුතුයි. එසේ භාවනා කරන අතර “සමථය හොඳින් පුරුදු වෙනවා ද? විදර්ශනාව හොඳින් පුරුදු වෙනවා ද?” කියලා සොයා බලන්ට ඕන.

සම්පූර්ණයෙන් කියවන්න »

08. සමථ – විදර්ශනා වෙන්කොට හඳුනාගනිමු

නමුත් යම් කෙනෙකුට විදර්ශනාව නොවැඩී සමථය වැඩෙනවා නම් ඔහු තේරුම් ගත යුතුයි ‘මට සමථය වැඩෙනවා’ කියලා. එතකොට ඔහු ඒ සමථය හොඳින් දියුණු කරගෙන, සමථයේ පිහිටලා, විදර්ශනාවට හරවා ගන්ට ඕන.

සම්පූර්ණයෙන් කියවන්න »

09. සමථ – විදර්ශනා වැඩෙන රටාව හඳුනාගනිමු

සමථය, විදර්ශනාව කියන භාවනා අර්ථ විදියට වෙනස් වගේ ම, ඒවායේ සමාධි වල ස්වභාවයත් එකිනෙකට වෙනස් කියලා අපි තේරුම් ගන්ට ඕන. ඒවායින් ඇතිවන ප‍්‍රතිලාභය, ප‍්‍රයෝජනය එකිනෙකට වෙනස්. නමුත් ආරම්භයේ දී ඒ සමාධි වැඩෙන මූලික ස්වභාවය, වැඩෙන රටාව එක වගෙයි.

සම්පූර්ණයෙන් කියවන්න »

10. සිත වැඩෙන අනුපිළිවෙල හඳුනාගනිමු

එතන දී ‘සමාධිය’ කියන්නේ, සමථය හෝ විදර්ශනාව ට අදාල බලවත් සමාධිය යි. ඊට මෙහා තියෙන්නෙත් සමාධි ස්වභාවයන් ම තමයි. පස්සද්ධිය, සැපය, ප‍්‍රීතිය කියන ඒ අවස්ථාවන්හී දී ත් සමාධි ස්වභාවයන් තමයි තියෙන්නේ.

සම්පූර්ණයෙන් කියවන්න »

11. ප‍්‍රායෝගිකත්වයට එමු.

සුළු මොහොතක් අනිත්‍ය වැඩුවොත් මහත්ඵල යි කියලා කොහොමද පිළිගන්නේ? ඒ භාග්‍යවතුන් වහන්සේගේ දේශනා පිළිගැනීමෙන්. බුද්ධ වචනය පිළිගන්න කෙනා ‘කෝ මට වැඩෙන්නේ නෑ නේ’ කියලා හොයන්නේ නෑ. එයාට හොයන්ට දෙයක් නෑ. ඇයි? එයා පිළිගන්නේ ‘භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා. මම ඒක කරනවා’ කියලා.

සම්පූර්ණයෙන් කියවන්න »

12. ජීවිතය තුළින් ධර්මය දැකගන්න

අවදියෙන් ඉන්න කෙනා තුළ කුසල් දියුණු කරන්ටත්, අකුසල් ප‍්‍රහාණය කරන්ටත් උපන් වීරියක් තියෙනවා. ඇයි උපන් වීරියක් තියෙන්නේ? එයා තුළ උපන් වුමනාවක් තියෙනවා ‘දුකෙන් නිදහස් වෙන්ට ඕනෑ’ කියලා. ඒක බලහත්කාරයෙන් කවුරුත් පටවලා නෑ. ඒ්කයි උපන් වුවමනාව කියන්නේ.

සම්පූර්ණයෙන් කියවන්න »

13. අත්හැරීමෙන් ලබන ජය (දුප්පටිවිනොදය සූත්‍රය ඇසුරින්)

ජයග‍්‍රහණයන් දෙකක් තියෙනවා. එක ජයග‍්‍රහණයක් සැප ඇති කරලා දෙනවා. අනිත් ජයග‍්‍රහණය දුක ඇති කරලා දෙනවා. ඔබ කැමති සැප ඇති කරන්නා වූ ජයග‍්‍රහණයට ද? දුක ඇති කරන්නා වූ ජයග‍්‍රහණයට ද?

සම්පූර්ණයෙන් කියවන්න »