පොහෝ දින
ධර්ම දේශනා
- පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ
full moon poya day dhamma deshana
by ven. nawalapitiye ariyawansha thero
මෙම පිටුව පරිහරණය කිරීම පිණිස මඟපෙන්වීමක් ...
1. ධර්ම දේශනාවේ නම තිබෙන කොටුව ඇතුලත Click/Touch කරන්න.
2. දැන් ඔබට පෙනෙන සුදු ඊතලයක් සහිත රතු පැහැති රවුම මත Click/Touch කිරීමෙන් දේශනාව ශ්‍රවණය කළ හැක.
3. DOWNLOAD යන වචනය මත Click/Touch කිරීමෙන් දේශනාව download කරගන්න පුළුවන්.
තමන්ටත් අනුන්ටත් පීඩා ඇතිකරන, හැම දුකකට ම මුල්වන රාගය, ද්වේශය හා මෝහය යන අකුසල් සම්පූර්ණයෙන් නිරුද්ධ කිරීමේ ධර්මයේ පූර්ණ අර්ථය පිණිස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කටයුතු කළ යුතුයි. ඒ අකුසලයන් නිසා එදිනෙදා ජීවිතයේ දුක් හටගන්න විදියත්, ඒවා දුරු කිරීම පිණිස අසුභය, මෛත්‍රිය, ප්‍රඥාව වැඩීම ගැනත් කියාදෙන මේ ධර්මානුශාසනාව ඔබත් ශ්‍රවණය කරන්න…!
සං.නි. 4 – නවපුරාණ වග්ගයේ කම්ම සූත්‍රය ඇසුරින් පැරණි කර්ම හා අලුත් කර්ම ගැනත්, කර්ම නිරෝධය සහ කර්ම නිරෝධගාමිනී පටිපදාව ගැනත් කියාදෙන, ඒ ධර්මය කෙරෙහි ඍජු සිතින් සුචරිතයෙහි පිහිටීම පිණිස මඟ කියාදෙන මේ ධර්මානුශාසනාව ඔබත් ශ්‍රවණය කරන්න…!
“මහණෙනි, ඇස අනිත්‍යයි. විපරිණාමයට පත්වෙනවා. වෙනස් දෙයක් බවට පත්වෙනවා. කණ… නාසය… දිව… ශරීරය… සිත…. මහණෙනි, යමෙක් මේ ධර්මය මේ ආකාරයට ශ්‍රද්ධාවෙන් අදහාගැනීමෙන් මේ ධර්මයෙහි බැසගත්තොත් අන්න එයාට කියනවා ‘සද්ධානුසාරී’ කියලා, ඉතා යහපත් මාර්ගයට බැසගත්තා කියලා, සත්පුරුෂ භූමියෙහි බැසගත්තා කියලා, පෘථග්ජන භූමිය ඉක්මවා ගියා කියලා. යම් කර්මයක් කරලා නිරයේ, තිරිසන් ලෝකයේ ප්‍රේත ලෝකයේ උපදිනවා නම් එබඳු කර්මයක් කිරීම අභව්‍යයි. යම්තාක් සෝතාපන්න ඵලයට පත් නොවී තිබෙන තාක් ඔහු කළුරිය කිරීමක් වෙන්නේ නෑ…”
මෙබඳු ශ්‍රේෂඨ ධර්මයන් විස්තර කෙරෙන, පුන් පොහෝ දින චක්ඛු සූත්‍රය ඇසුරින් සිදුකළ මේ ධර්මානුශාසනාව ඔබත් ශ්‍රවණය කරන්න…!