Dāna Anumodanā: Dhamma Reflections for Spiritual Growth by
Rev. Nawalapitiye Ariyawansha Thero
දාන අනුශාසනා
ආරණ්‍යයේ සිදුකළ දෛනික දාන පිංකම් වලින් පසු සිදු කරනු ලැබූ ධර්ම දේශනා එකතුවක් මෙම වෙබ් පිටුවෙන් ශ්‍රවණය කළ හැකියි. දානය පිළිබඳ පමණක් නොව, සීලය, බණ භාවනා කිරීම, ආර්ය සත්‍යය හතර, සතර බ්‍රහ්ම විහරණ, ශ්‍රද්ධාව, මේ ආදී විවිධ දහම් මාතෘකා ඔස්සේ සිදු කළ මේ ධර්ම දේශනා ඇසුරු කරගනිමින්, පුණ්‍ය ක්‍රියා තුල පිහිටා නිවන් මඟ ම සම්පූර්ණ ගැනීමට මඟ විවර වේවා!
– පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ
මෙම පිටුව පරිහරණය කිරීම පිණිස මඟපෙන්වීමක් ...
1. ධර්ම දේශනාවේ නම තිබෙන කොටුව ඇතුලත Click/Touch කරන්න.
2. දැන් ඔබට පෙනෙන සුදු ඊතලයක් සහිත රතු පැහැති රවුම මත Click/Touch කිරීමෙන් දේශනාව ශ්‍රවණය කළ හැක.
3. DOWNLOAD MP3 යන වචනය මත Click/Touch කිරීමෙන් දේශනාව download කිරීමට යොමුවෙන්න පුළුවන්.
‘උපන් කෙනාට නොමැරී සිටීමක් නෑ’. ඒ බුද්ධ වචනය, ඒ ලෝක ස්වභාවය, ජීවිතයේ තාවකාලික බව තේරුම් ගනිමින්, සංවර වූ තුන් දොරෙන් යුතුව දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානාත්මතාවය යන සතර සංග්‍රහ වස්තූන්ගෙන් එකිනෙකාට සංග්‍රහ කරන යහපත් වූ මිනිසත් බව ගැන ඉගෙනගන්න මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න…!
භාග්‍යවතුන් වහන්සේ විසින් වස් පවාරණයෙන් පසු කඨිනය ඇතිරීමේ විනය කර්මය භික්ෂූන් වහන්සේලාට පැණවූ ආකාරයත්, එහි අර්ථය සහ භික්ෂූන් වහන්සේලාට එමගින් ලැබෙන විශේෂ වූ කඨිනානිසංසයන් පිළිබඳවත් කියාදෙන, එකල ගිහි උපාසක උපාසිකාවන් පවා දැන සිටි උතුම් විනය පැණවීම් ගැන ඉගෙනගන්න මේ ධර්මානුශාසනාව ඔබත් ශ්‍රවණය කරන්න…!
වස් තුන් මාසය අවසානයේ පෙරවස් පවාරණය කළ භික්ෂූන් වහන්සේලාට භාග්‍යවතුන් වහන්සේ කඨින චීවරය අනුදැන වදාළේ යම් නිධානයක් මුල් කරගෙනයි. ඒ නිධාන කතාව සහ එයින් ඉස්මතු වන උතුම් ධර්මයන් ගැන ඔබත් ඉගෙනගන්න.