සියලු සතුන් ලොව සුවපත් වෙත්වා!
Image of Rev. Nawalapitiye Ariyawansha Thero

Dhamma sermons on POYA days by
Rev. Nawalapitiye Ariyawansha Thero

පොහෝ දින ධර්ම දේශනා

පුන් පොහෝ දින වලදී නොයෙකුත් දහම් මාතෘකා ඔස්සේ සිදු කරනු ලැබූ ධර්ම දේශනා එකතුවක් මෙම වෙබ් පිටුවෙන් ශ්‍රවණය කළ හැකියි. මෙම ධර්ම දේශනා ශ්‍රවණය කරමින් සීල, සමාධි, ප්‍රඥා මඟ වඩමින් නිවන් මඟ සම්පූර්ණ ගැනීමට මඟ විවර වේවා!

– පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

මෙම පිටුව පරිහරණය කිරීම පිණිස මඟපෙන්වීමක් ...

1. ධර්ම දේශනාවේ නම තිබෙන කොටුව ඇතුලත Click/Touch කරන්න.

2. දැන් ඔබට පෙනෙන සුදු ඊතලයක් සහිත රතු පැහැති රවුම මත Click/Touch කිරීමෙන් දේශනාව ශ්‍රවණය කළ හැක.

3. DOWNLOAD MP3 යන වචනය මත Click/Touch කිරීමෙන් දේශනාව download කිරීමට යොමුවෙන්න පුළුවන්.

“මහණෙනි, දුක්ඛාර්ය සත්‍යය කියන්නේ කවරක් ද? ආධ්‍යාත්මික ආයතන හයට යි දුක්ඛාර්ය සත්‍යය කිව යුත්තේ. ඒ හය කවරක් ද? ඇස කියන ආයතනය, කන…, නාසය…, දිව…, කය…, සිත කියන ආයතනය යි.” සම්මා සම්බුදුරජාණන් වහන්සේ හාත්පස, මනාකොට, පරිපූර්ණව කියාදෙන චතුරාර්ය සත්‍යය තම තමන්ගේ ජීවිතය තුල දකින්ට මහත් උපකාර සලසන, දුරුතු පුන් පොහෝ දින සිදුකළ මේ ධර්මානුශාසනාව ඔබත් ශ්‍රවණය කරන්න…!

DOWNLOAD MP3 (50 MB)

YOUTUBE VIDEO ▶

බිඳ නොවැටෙන බලවත් සිතක් පිණිස උපදවා වැඩිය යුතු බලයන් 7ක් ගැන භාග්‍යවතුන් වහන්සේ විස්තර වශයෙන් කියාදුන් මේ ධර්මය ඔබත් ඉගෙනගෙන පුරුදු කරගන්න…!

DOWNLOAD MP3 (70 MB)

YOUTUBE VIDEO ▶

කළ්‍යාණ මිත්‍ර ඇසුරින්, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පිරිසිදු චතුරාර්ය සත්‍යය ප්‍රකාශිත ධර්මය ශ්‍රවණය කිරීමෙන්, ධර්මය මතුපිටින් පමණක් නොබලා එහි සැබෑ අර්ථ ඉස්මතු කරගෙන, යෝනිසෝ මනසිකාරය ඇති කරගෙන, කර්කශ දුක් සදන රාග, ද්වේෂ, මෝහ දුරු වූ සුවපත් ජීවිතයක් ඇති කරගැනීම පිණිස උපකාර සලසන මේ ධර්මානුශාසනාව ඔබත් ශ්‍රවණය කරන්න…!

DOWNLOAD MP3 (58 MB)

YOUTUBE VIDEO ▶

ඇස, ඇසට පෙනෙන රූප, ඇසේ විඤ්ඤාණය, ඇසේ ස්පර්ශය, ඇසේ ස්පර්ශයෙන් හටගන්නා සැප, දුක්, දුක්-සැප රහිත විඳීම්, කන,… මේ ආදී ධර්මයන් අනිත්‍ය වශයෙන් දකිමින්, නිවනට හිතවත් වන ප්‍රතිපදාව ගැන භාග්‍යවතුන් වහන්සේ කියාදුන් ධර්මයන් දරාගනිමින්, සිහි කරමින්, රාග ද්වේශ මෝහ දුරුකොට සිත පිරිසිදු කරගැනීමෙන්, දෙලොවෙහි ම සුවපහසු ජීවිතයක් ගත කිරීමට මඟ පෙන්වන අද පුන් පොහෝ දින සිදුකළ මේ ධර්ම දේශනාව ඔබත් ශ්‍රවණය කරන්න…!

DOWNLOAD MP3 (64 MB)

YOUTUBE VIDEO ▶

තමන්ටත් අනුන්ටත් පීඩා ඇතිකරන, හැම දුකකට ම මුල්වන රාගය, ද්වේශය හා මෝහය යන අකුසල් සම්පූර්ණයෙන් නිරුද්ධ කිරීමේ ධර්මයේ පූර්ණ අර්ථය පිණිස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කටයුතු කළ යුතුයි. ඒ අකුසලයන් නිසා එදිනෙදා ජීවිතයේ දුක් හටගන්න විදියත්, ඒවා දුරු කිරීම පිණිස අසුභය, මෛත්‍රිය, ප්‍රඥාව වැඩීම ගැනත් කියාදෙන මේ ධර්මානුශාසනාව ඔබත් ශ්‍රවණය කරන්න…!

DOWNLOAD MP3 (57 MB)

YOUTUBE VIDEO ▶

සං.නි. 4 – නවපුරාණ වග්ගයේ කම්ම සූත්‍රය ඇසුරින් පැරණි කර්ම හා අලුත් කර්ම ගැනත්, කර්ම නිරෝධය සහ කර්ම නිරෝධගාමිනී පටිපදාව ගැනත් කියාදෙන, ඒ ධර්මය කෙරෙහි ඍජු සිතින් සුචරිතයෙහි පිහිටීම පිණිස මඟ කියාදෙන මේ ධර්මානුශාසනාව ඔබත් ශ්‍රවණය කරන්න…!

DOWNLOAD MP3 (59 MB)

YOUTUBE VIDEO ▶

අභ්‍යන්තර හා බාහිර ආයතන, විඤ්ඤාණය, ස්පර්ශය, විදීම් කෙරෙහි ඇති මුලාව නිසා හටගන්නා රාග, ද්වේශ, මෝහ, ඉරිසියා ආදී අකුසල් වලට යට නොවී, සත්‍යය ඇසීමෙන්, සත්‍යය දැකීමෙන් සිත පිරිසිදු කරගෙන, මෙලොව පරලොව දෙකෙහිම සුවපහසු ජීවිතයක් ගත කිරීමට මඟ පෙන්වන මේ ධර්මානුශාසනාව ඔබත් ශ්‍රවණය කරන්න…!

DOWNLOAD MP3 (47 MB)

YOUTUBE VIDEO ▶

“මහණෙනි, ඇස අනිත්‍යයි. විපරිණාමයට පත්වෙනවා. වෙනස් දෙයක් බවට පත්වෙනවා. කණ… නාසය… දිව… ශරීරය… සිත…. මහණෙනි, යමෙක් මේ ධර්මය මේ ආකාරයට ශ්‍රද්ධාවෙන් අදහාගැනීමෙන් මේ ධර්මයෙහි බැසගත්තොත් අන්න එයාට කියනවා ‘සද්ධානුසාරී’ කියලා, ඉතා යහපත් මාර්ගයට බැසගත්තා කියලා, සත්පුරුෂ භූමියෙහි බැසගත්තා කියලා, පෘථග්ජන භූමිය ඉක්මවා ගියා කියලා. යම් කර්මයක් කරලා නිරයේ, තිරිසන් ලෝකයේ ප්‍රේත ලෝකයේ උපදිනවා නම් එබඳු කර්මයක් කිරීම අභව්‍යයි. යම්තාක් සෝතාපන්න ඵලයට පත් නොවී තිබෙන තාක් ඔහු කළුරිය කිරීමක් වෙන්නේ නෑ…”

මෙබඳු ශ්‍රේෂඨ ධර්මයන් විස්තර කෙරෙන, පුන් පොහෝ දින චක්ඛු සූත්‍රය ඇසුරින් සිදුකළ මේ ධර්මානුශාසනාව ඔබත් ශ්‍රවණය කරන්න…!

DOWNLOAD MP3 (66 MB)

YOUTUBE VIDEO ▶

83. පාරිශුද්ධ වූ ශ්‍රාවකත්වයට පැමිණෙමු (උඳුවප් පෝය 2023) (60 min)

82. ගිනිගත් ජීවිතය නිවාගනිමු (බිනර පෝය 2023) (67 min)

81. පැවිදි පිංකමේ දේශනාව – “බ්‍රහ්මචරිය” (නිකිණි පෝය 2023) (28 min)

80. බඹසර ජීවිතය සම්පූර්ණ කරගනිමු (නිකිණි පෝය 2023) (55 min)

79. චතුරාර්ය සත්‍යය දන්න, දකින බව උපදවමු (ඇසළ පෝය 2023) (66 min)

78. සතර පෙර නිමිති ඔබත් දකින්න (ඇසළ පෝය 2023) (71 min)

77. චක්ඛු සූත්‍රය, රූප සූත්‍රය – (පොසොන් පෝය 2023) (87 min)

76. අස්සු සූත්‍රය (වෙසක් පෝය 2023) (63 min)

75. සියලු ලෝකය කෙරෙහි නොඇලෙමු (වෙසක් පෝය 2023) (25 min)

74. වේපුල්ලපබ්බත සූත්‍රය (වෙසක් පෝය 2023) (84 min)

73. ආර්‍ය සත්‍යය ජීවිතය තුල දකිමු (බක් පෝය 2023) (47 min)