සියලු සතුන් ලොව සුවපත් වෙත්වා!
Image of Rev. Nawalapitiye Ariyawansha Thero

'The Threefold Path of Merit' dhamma sermon series by
Rev. Nawalapitiye Ariyawansha Thero

සම්පූර්ණ කළයුතු
ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා

දානයෙන් නොනැවතී, පිනෙන් නොනැවතී, සුගතියෙන් නොනැවතී, නිවන කරා ම සිත වැඩීමට දාන, සීල, භාවනා සම්පූර්ණ කරමු.

– පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

මෙම පිටුව පරිහරණය කිරීම පිණිස මඟපෙන්වීමක් ...

1. ධර්ම දේශනාවේ නම තිබෙන කොටුව ඇතුලත Click/Touch කරන්න.

2. දැන් ඔබට පෙනෙන සුදු ඊතලයක් සහිත රතු පැහැති රවුම මත Click/Touch කිරීමෙන් දේශනාව ශ්‍රවණය කළ හැක.

3. DOWNLOAD MP3 යන වචනය මත Click/Touch කිරීමෙන් දේශනාව download කිරීමට යොමුවෙන්න පුළුවන්.

මසුරු බව සිතට මලකඩක්. ඒ මසුරු මල දුරු කරනු කැමති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා, 1. විගතමලමච්ඡේරේන චේතසා අගාරං අජ්ඣාවසති 2. මුත්තචාගෝ 3. පයතපාණි 4. වොස්සග්ගරතෝ 5. යාචයෝගෝ 6. දානසංවිභාගරතෝ කියන්නා වූ ධර්මයන්ගෙන් යුක්තව වාසය කරනවා. බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන, නිවන් මඟට මුල්වන, මේ චාග ගුණය වඩන්ට කැමති ශ්‍රාවකයා විසින් පුරුදු කරන මේ එක් එක් ධර්මයන් ගැන ඔබත් ඉගෙනගන්න.

DOWNLOAD MP3 (51 MB)

YOUTUBE VIDEO

දානය, චාග සම්පත්තිය, චාග බලය, විමුක්ති මාර්ගයේ පිහිටා වැඩීම පිණිස මහත් උපකාර සහිත දෙයක්. ඒ සඳහා බුද්ධ වචනය පරිදි මසුරු මල බැහැර කරගත් සිතින් නිවසේ වාසය කරමින්, දුන් දෙයින් මිදී, දානය පිණිස සේදූ දෑතින්, අත්හැරීමෙහි ඇලී, තමන් කරා පැමිණෙන අයට සුදුසු පරිදි දන් දීමට සූදානම්ව සිටිමින්, මෙලොව පරලොව දෙකෙහිම සුවපහසු ජීවිතයක් ගත කිරීමට මඟ පෙන්වන මේ ධර්මානුශාසනාව ඔබත් ශ්‍රවණය කරන්න…!

DOWNLOAD MP3 (51 MB)

YOUTUBE VIDEO

විශාඛා උපාසිකාව දිවි ඇති තෙක් සංඝයා උදෙසා සිව්පසාදියෙන් පිදීමට වර 8ක් භාග්‍යවතුන් වහන්සේගෙන් ආයාචනා කළ කල්හී අවසානයේ විශාඛාව, මෙබඳු දානය සිහි කිරීමෙන් මට ප්‍රමුදිතභාවය, ප්‍රීතිය, පස්සද්ධිය, සැපය, සමාධිය උපදින බවත් එය මට ඉන්ද්‍රිය භාවනාව, බල භාවනාව, බොජ්ඣංග භාවනාව බවට පත්වන බවත් ප්‍රකාශ කළා.
දානය තුලින් සුගතිය ඉක්මවා නිවන දක්වා මඟ වැඩීම පිණිස ශ්‍රද්ධාව, ප්‍රඥාව මෙහෙයවන ශ්‍රාවකත්වය ගැන ඔබත් ඉගෙනගන්න…!

DOWNLOAD MP3 (48 MB)

YOUTUBE VIDEO

කිරි කැමති කෙනා, කිරි තියෙන ගව දෙනගේ අඟෙන් කොතරම් වෑයම් කොට ඇද්දත් කිරි නොලැබෙනවා වගේ, වෙහෙසත් මහන්සියත් ඉතිරි වෙනවා වගේ, ධර්මයෙන් ඵල ලබන නිදොස් පිළිවෙත් පුරුදු නොකළොත් ඔහුත් කලකදී වෙහෙසට පත් වෙනවා. ප්‍රතිඵල නෑනේ කියනවා. ධර්මයෙන් ඵල ලබන පිළිවෙතට පිවිසෙන්න මේ ධර්ම දේශනාව ඔබත් ශ්‍රවණය කරන්න…!

DOWNLOAD MP3 (59 MB)

YOUTUBE VIDEO

දානමය පුණ්‍ය ක්‍රියාවෙන් පමණක් ‘දැන් ඇති’ යි කියා නොසිට, ධර්මයෙන් ලබන ඉහල ප්‍රතිලාභ පිණිස භාග්‍යවතුන් වහන්සේගේ අරහං සම්මා සම්බුද්ධ බව පිළිගෙන, අකුසල ධර්මයන්ගේ නිරුද්ධ වීමක් තිබෙන බව පිළිගෙන, ඒ සඳහා වෑයම් කිරීම වන; ධර්ම ශ්‍රවණය හා සමථ විදර්ශනා වැඩීමෙන් නීවරණ නිරුද්ධ කරගෙන විවේකයෙන් උපන් ප්‍රීතිය උපදවා චතුරාර්ය සත්‍යය අවබෝධ කරන උතුම් ජීවිතය ගැන කියාදෙන මේ ධර්මානුශාසනාව ඔබත් ශ්‍රවණය කරන්න…!

DOWNLOAD MP3 (53 MB)

YOUTUBE VIDEO